ජාතික ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම්වරයාගේ ප්‍රකාශවලට වඩා වලංගු වන්නේ ජාතික සංවිධායකවරයාගේ අදහස බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
අද පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.