Gossips

මහරගමත් උණුසුම්

මහරගම නගර සභාව සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කාන්ති කොඩිකාර ඇතුළු මන්ත්‍රීවරියන් 6 දෙනෙකු අද දිවුරුම් දුන්නා.
ඒ මහරගම මහනගර සභාවේ බලය හිමි ස්වාධීන කණ්ඩායම අංක – 02 නියෝජනය කරන මන්ත්‍රීවරියන් ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩු සදහායි.
පසුව කාන්ති කොඩිකාර ඇතුලූ මන්ත්‍රීවරියන්ට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළ කිරීමත් සමග නගර සභාවේ නොසන්සුන්කාරි තත්ත්වයක් ද හට ගත්තා.
මහරගම නගර සභාව සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුවයි පළාත් පාලන මැතිවරණයේ දී එම පක්ෂය යතුරුපැදියේ ලකුණින් ඉදිරිපත් වූ ස්වාධීන කණ්ඩායම අංක 02 ට සහය පළ කළේ.
පුරප්පාඩු වූ මන්ත්‍රී ධුර සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතවරියන් අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවේ දිවුරුම් දී තිබුණා.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතවරියන් නාගරික මන්ත්‍රීවරුන් ලෙස පත් කිරීමට එරෙහිව මහරගම නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් කළු පටි පැළද අද විරෝධතාවක නිරත වුණා.
එම විරෝධතාව සදහා නගර සභාවේ බලය හිමි ස්වාධීන කණ්ඩායම අංක 02 නියෝජනය කළ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු ද එක්ව සිටීම විශේෂත්වයක්.
මෙම තත්ත්වය නිසා සභාව පවත්වාගෙන ගියේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේයි.
ඝණ පූර්ණය නොමැතිවීම නිසා පසුව සභාව ලබන 20 වනදා දක්වා කල් දැමුණා.