Gossips

වෛද්‍ය සභාව සකස් කළ ලියවිල්ල කැබිනට් අනුමැතියට පෙර සංශෝධනය වේ

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කිරීමේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සකස් කළ ලියවිල්ල කැබිනට් අනුමැතියට පෙර සංශෝධනය කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරනවා.
කොළඹ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මේ බව සඳහන් කළා.