Gossips

අර්ජුන මහේන්ද්‍රන්ගේ ක්‍රෙඩිට්කාඩ් පතට පර්පෙචුවල් සමාගමෙන් මිලියන 3.2 ක් ගෙවයි

මහබැංකු බැදුම්කර සිද්ධියට අදාළව පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මේ මස 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ඊට අදාළ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
එහිදී රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ ක්‍රෙඩිට් කාඩ් පතට පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් රුපියල් මිලියන 3.2 ක මුදලක් ගෙවා ඇති බවයි.