Gossips

පළාත් 5කට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි (ඡායාරූප)

නිරිත දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ වැසිත් සමග විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වූ තද සුළං ද ඇතිවිය හැකි බවයි.
මේ අතර, ඊයේ සිට මධ්‍යම කදුකරයට ඇද හැලෙන වැසිත් සමග හැටන් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී ඇති බව අප වාර්තාකරුවන් සදහන් කළා.
එමෙන්ම, ලක්ෂපාන සහ විමලසුරේන්ද්‍ර යන ජලාශවල ද වාන්දොරටු විවෘත කර ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අතර පවතින දැඩි වර්ෂාවත් සමග ගිනිගත්හේන දියගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට යළිත් පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු තාවකාලිකව නතර කර ඇති බවයි පොලිසිය ප්‍රකාශකර ඇත්තේ.
මාර්ගයට වැටී ඇති පස් ඉවත් කෙරෙන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා.
අවස්ථා කිහිපයකදීම දියගල ප්‍රදේශයේදී මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය තාවකාලිකව නතර කෙරුනා.
මේ අතර අප වාර්තාකරු සඳහන් කළේ වටවල අග්‍රාඔය ප්‍රදේශයේ නිවාස කිහිපයක් ද ජලයෙන් යටවී ඇති බවයි.




ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ