Gossips

උපන් ගමන් කිරිකැටියාට කාන්තාවක් මහමගදී කළ දේ

එවැනි උතුම් මව් පදවියට නිගා දෙන සිදුවීම බොහෝ ප්‍රමාණයක් එදිනෙදා අපට දැකගන්නට ලැබෙනවා.
මේ වනවිට තවත් එවැනිම සිදුවීමක් දැක්වෙන වීඩියෝවක් වෙත ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
එහි දැක්වෙන්නේ අලුත උපන් කුඩා බිළිඳෙකු කාන්තාවක් විසින් මහමග දමා යන ආකාරයයි.
මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් වලින්.
කෙසේ වෙතත් අදාල දරුවා නිරුපද්‍රිතව බේරාගත් පොලිසිය විසින් දරුවා රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
බිලිඳා මේ වනවිට විශේෂ ළදරු ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටින බවයි අදාළ රෝහලේ වෛද්‍යවරුන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.
එහිදී අදාළ කාන්තාව උත්තර් ප්‍රදේශ් හි මාර්ගයක් අයිනේ බිලිඳා දමා යන ආකාරය දැක්වෙන CCTV දර්ශන අන්තර්ජාලයේ සැරිසරනවා.
අදාල කාන්තාව සහ එම මොටර් රථය සොයා මේ වනවිට පොලිසියෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මේ අතර පොලිසිය සැකපලකරන්නේ අදාළ කාන්තාව එම බිලිඳාගේ මව විය හැකි බවටයි.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති එම CCTV දර්ශන පෙළ පහතින්.