කුරුණෑගල – වැහැර ආදර්ශ විදුහල ආසන්නයේ ස්ථානයක මුද්‍රණය කරමින් තිබූ ව්‍යාජ අත්පත්‍රිකා තොගයක් පොලීසිය සහ මැතිවරණ නිලධාරින් එක්ව ඊයේ සිදුකළ වැටලීමකදී සොයා ගෙන තිබෙනවා.
මේ අතර හෙට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 65,000 කට අධික ප්‍රමාණයක් යොදවා තිබෙනවා.
එමෙන්ම, බීමතින් ඡන්ද මධ්‍යස්ථානයට හෝ ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථානයට ඇතුළුවුවහොත් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.