Gossips

මුදල් ඇමති, මූල්‍ය ආයතන බිඳ වැටීමට හේතු කියයි

නිසි මූල්‍ය කළමණාකරණයක් නොමැති වීම, අක්‍රමවත් ආයෝජන සහ ප්‍රධානීන්ගේ වංචනික ක්‍රියා වැනි හේතු නිසා ඇතැම් මූල්‍ය ආයතන කඩා වැටී ඇතැයි, මුදල් අමාත්‍ය මංගල සමරවීර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, ඊ.ටී.අයි. ආයතනයේ කඩා වැටීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයකින් අනතුරුවයි.
ඊ.ටී.අයි. ඇතුළු මූල්‍ය ආයතන කඩා වැටීම සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක් මීට පෙර විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ඔහු ඉල්ලා සිටි අතර, එම කල් තැබීමේ විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.