Gossips

උතුරු කොරියානු නායකයා ආයාචනය කළා

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ හමුව පවත්වන ලෙසට උතුරු කොරියානු නායකයා ආයාචනා කළ බව ට්‍රම්ප්ගේ නීතීඥවරයෙකු ප්‍රකාශ කර තිබෙනවා.
ඊශ්‍රායලයේ පැවති හමුවක් අමතමිනුයි ඔහු මේ බව අනාවරණ කර ඇත්තේ.
ඇමරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත හමුව ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා අවලංගු කළා.
කෙසේ වෙතත් එම සිදුවීමෙන් පසුව අදාළ හමුව යළි පවත්වන ලෙස උතුරු කොරියානු නායකයා දැඩි ලෙස ආයාචනා කළ බවයි නීතීඥ රූඩි ගිලියානි ප්‍රකාශ කර ඇත්තේ.
ඇමරිකානු ජනාධිපතිවරයාගේ දැඩි ස්ථාවරය හේතුවෙන් උතුරු කොරියාවට බලපෑම් කිරීමට හැකිවූ බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.