Gossips

ව්‍යවසායකයන්ට නව සහන

මෙරට ව්‍යවසායකයන්ගේ සහජ නිපුණත්වයන් සංවර්ධනය කිරීම වෙනුවෙන් පොලී සහනාධාර ණය වැඩසටනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම 11 ක්, ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම 3 ක්, මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සළසන යෝජනා ක්‍රම දෙකක් ඇතුළත්ව යෝජනා ක්‍රම 16 ක් යටතේ ණය පහසුකම් සැපයීමට නියමිතයි.
මේ යටතේ රුපියල් බිලියන 30 කට අධික ණය මුදල් ප්‍රමාණයක් ව්‍යවසායකයන් 12,405 දෙනෙකුට ලබාදීමට සැළසුම් කර තිබෙනවා.