Gossips

අනතුරක් සිදුකර පලාගිය බීමත් බස් රථ රියදුරෙකුට සිර දඩුවම්

බීමත්ව බස් රථය පදවා රිය අනතුරක් සිදුකර පලාගිය පෞද්ගලික බස් රථ රියදුරෙකුට මාස 3 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.
මීට අමතරව ඔහුට රුපියල් 30,000 ක දඩයක්ද නියම කර ඇති අතර, එම දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් වසර 3 කින් සිර දඩුවම දීර්ඝ කිරීමටයි අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) නියෝග කළේ.
මෙලෙස සිර දඩුවම් නියමවී ඇත්තේ මාර්ග අංක 138, කොට්ටාව – පිටකොටුව බස් රථයක සේවය කරන 28 හැවිරිදි පිළියන්දල ප්‍රදේශයේ තරුණයෙකුටයි.
පසුගිය මස 24 වනදා කුරුඳුවත්ත ප්‍රදේශයේදී ඔහු පැදවූ බස් රථය මෝටර් රථයක ගැටී තිබූ අතර පසුව සැකකරු පලා ගොස් තිබුණා.