Gossips

සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 46 දෙනෙකු මරුට

ඉතියෝපියානු සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් යේමන මුහුදු තීරයේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 46 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
එම බෝට්ටුවේ සියදෙනෙකු පමණ ගමන් කර ඇති අතර අනතුරින් පසු එහි සිටි 16 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි සංක්‍රමනිකයන් පිලිබඳ ජාත්‍යන්තර සංවිධානය ප්‍රකාශ කළේ.
ඔවුන් සියළුදෙනා ගල්ෆ් කලාපයේ රැකියා අපේක්ෂාවෙන් සංක්‍රමණය වී ඇති බවටයි සැක කෙරෙන්නේ.