Gossips

දුම්රිය තුළ කාන්තාවක් දරුවෙකු ප්‍රසූත කරයි

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ තැපැල් දුම්රියේදී කාන්තාවක් ඊයේ (06) රාත්‍රියේ පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා.
පොළොන්නරුව හිරු වාර්තාකරු සඳහන් කළේ ඇය හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දඹුල්ල රෝහල වෙත මාරුකර යවා ඇති බවයි.
26 හැවිරිදි මෙම කාන්තාව කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි අනාවරණ වී ඇත්තේ.
ඇය සහ බිළිඳා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වය පසුවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.