Gossips

නවාවිගේ පුරප්පාඩුවට ඉස්මයිල් පත් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ එම්.එච්.එම්. නවාවි වෙනුවට එස්.එම්.එම්. ඉස්මයිල් මැතිවරණ කොමිසම විසින් පත්කර තිබෙනවා.
එම්.එච්.එම්. නවාවි, අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කර තිබුණා.
කෙසේ වෙතත් ඔහු පසුගියදා ඉල්ලා අස්වූ අතර, ඒ අනුවයි අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන එස්.එම්.එම්. ඉස්මයිල් එම මන්ත්‍රී ධුරය සඳහා පත් කර ඇත්තේ.
ඊට අදාළ ගැසට් නිවේදනයද මේ වනවිට නිකුත් කර තිබෙනවා.