Politics Sri Lanka

උදයංග නිදහස් – අත්අඩංගුවට ගැනීමේ ඇස්බැන්දුමත් අවසන්

උදයංග නිදහස් – අත්අඩංගුවට ගැනීමේ ඇස්බැන්දුමත් අවසන්

ශ්‍රී ලංකා අධිකරණය විසින් රතු වරෙන්තු නිකුත් කළ බවට ප්‍රසිද්ධියට පත්ව සිටි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පසුගිය 04 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදය කරා ගමන් කරන අතර මග අරාබි එමීර් රාජ්‍යයේදී එරට ජාත්‍යන්තර පොලීසිය විසින් නවතා පරික්ෂාවට ලක් කර තිබූ අතර ඔහුව අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන් ඒම සඳහා මෙරට කණ්ඩායමක්ද ඊයේ (07) පිටත්ව ගිය බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ ය.

උදයංග වීරතුංග මහතාට එරෙහිව එලෙස රතු වරෙන්තුවක් නිකුත් කර නැතැයි පවසමින් උදයංග වීරතුංග මහතාව නිදහස් කර තිබේ.

මිග්යානා ගනුදෙනුව, යුක්රේන කැරළිකරුවන්ට නීතිවිරෝධී ලෙස අවි සැපයීම සහ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකුගේ මරණය සම්බන්ධයෙන් උදයංග වීරතුංග මහතාට එරෙහිව ජෝදනා එල්ලවී ඇත.

වාහම ඔහු අත්අඩංගුවට ගැනීමට සඳහා රතු වරෙන්තුවක් නිකුත් කර ඇතැයි පසුගියදා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවේදීද ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වෙතත් මේ වනවිට පෙනී යන්නේ උදයංග වීරතුංග මහතාය අත්අඩංගුවට ගැනීමද මැතිවරණය ඉලක්කර සිදු කර ඇති තවත් ඇස් බැන්දුමක් බවයි.