Gossips

අර්ජුන මහේන්ද්‍රන් ගැන වගකීමක් නැද්ද ? පාර්ලිමේන්තුවේදී අගමැතිට ප්‍රශ්ණ

වරෙන්තු නිකුත් කර ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් එම ධුරයෙන් ඉවත්වීමෙන් පසු ඔහු පිළිබඳව වගකීමක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධනද සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් අද අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියා.
බන්දුල ගුණවර්ධන – කැබිනට් මණ්ඩලය නොමග යවන සුළු කරුණු දැක්වීම් හරහා රටට අහිතකර බොහෝ වගන්ති උක්ත ගිවිසුමට ඇතුළත් කර ඇති බැවින් එකී ගිවිසුම ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ජාතික සංවාදයක් ඇති කිරීමට ක්‍රියා කරන්නේද ?
අගමැති – මොකද දන් නෑ සිංගප්පූරු වෙළඳ ගිවිසුම පිටිපස්සේ දුවන්නේ……
බන්දුල ගුණවර්ධන – මේ ප්‍රථම වතාවට සේවා අංශය, බුද්ධිමය දේපල, ආයෝජන සියල්ල නිදහස් කරන ඒකේදී කරුණු හරියට නිසිලෙස ඉෂ්ට වෙලා නැති එකයි ප්‍රශ්නේ.
අගමැති – අපිට ඕන් නෑ මෙහාට අරගන්න. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේදී මේ රටේ වැඩ කටයුතු කරන්න කියලා චීන කම්කරුවෝ ආවා. චීන ඉංජිනේරුවෝ ආවා. දැන් මෙතන්ට ඇවිල්ලා මේ කියන්නේ සිංගප්පූරුවෝ චීන්නු හොඳ නෑ, චීනේ චීන්නු හොඳයි කියලා. කොණ්ඬේ කපලා ඕනද කොණ්ඩේ……
බන්දුල ගුණවර්ධන – මේක පාවලා දීලා කරලා තියෙන්නේ. ඒ නිසා මෙහෙම කරන්න එපා. පාර්ලිමේන්තුවේ වචනයක් වත් දන්නේ නෑ. අපි එක්ක එක සාකච්ඡාවක් වත් කරලා නෑ. (සද්දේ…….කරූ – ඕඩර් ප්ලීස් කතා කරන්න දෙන්න.) මට කතා කරන්න දෙන්න. රට පාවලා දෙන්න මෙහෙම ගිවිසුමක් ගැහුවහම මේකේ සිංහල පිටපතක් නෑ, දෙමල පිටපතක් නෑ. රටවල් දෙකක් අතර ගිවිසුමක් අත්සන් කරද්දී මේක රටේ සාකච්ඡා කරන්න ඕනනේ.
රනිල් – පෝට් සිටි එක සින්නක්කර දෙද්දී අපිට කිව්වද, අපේ අදහස ඇහුවද ? දැන් මොනාද මේ ඇවිල්ලා කතා කරන්නේ, කඩාකප්පල් කරන්නනේ. ඇයි ඔබතුමාලාගේ අලූත් ප්‍රතිපත්තිය ෂැංග්‍රිලා මොකක්ද විපත් මගේ දී කිව්වානේ. දැන් ඔහොම කතා කරොත් ගෝඨාභය රාජපක්ෂ ඔබතුමාට ඇමතිකමක්වත් දෙන්නේ නෑ……
අනුර කුමාර – කතානායකතුමනි, දෙපාර්ශවයම පාර්ලිමේන්තුවට නොකියා බොහෝ දේවල් කරන බව තමයි පේන්නේ. මම අගමැතිතුමාගෙන් අහන ප්‍රශ්නය, ජාලිය වික්‍රමසූරිය, උදයංග වීරතුංග සහ අර්ජුන මහේන්ද්‍රන් ඔවුන් තිදෙනා මෙරට අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමට අදාළව ආණ්ඩුව විසින් ගනු ලැබූ ඇති පියවර කවරේද ?
අගමැති – උදයංග වීරතුංග ශ්‍රී ලංකාව වෙත උදර්පනය කිරීම සඳහා ඉල්ලීමක් ආරක්ෂක ලේකම් විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා වෙතින් ඉල්ලා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් 2018 අප්‍රේල් 25 වැනිදා අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරට උදර්පනය කර ගැනීම පිණිස උදර්පන නීතිය අනුව මෙරට බලධාරීයා වන ආරක්ෂක ලේකම් වෙත ඉල්ලීමක් යොමුකර ඇති බව වාර්තා වී තිබෙනවා.
අනුර කුමාර – අර්ජුන් ඇලෝසියස් මහ රාත්‍රියේ කණ්ඩායමක් එක්ක ගිහිල්ලා මහ බැංකුවට කඩා පැන එහි මුදල් මංකොල්ල කෑවා නෙවෙයි. එහෙම නම් එයා පමණයි හොරා. හැබැයි මේ ගණුදෙනුව සිදුවී තිබෙන්නේ මහ බැංකුවේ අධිපතිවරයාගේ නිශ්චිත සහය සහ මැදිහත්වීම මත. ඒ නිසා මෙතනදී වැඩි වගකීම සහ බර තියෙන්නේ අර්ජුන ඇලෝසියස්ට අයථා ලෙස මුදල් උපයාදීම සඳහා ඔහුගේ මාමන්ඩිය වන අර්ජුන මහේන්ද්‍රන් විසින් සපයන ලද සේවාව, කාර්යය. වැදගත්ම සාධකය තමයි අර්ජුන මහේන්ද්‍රන්. එතකොට මහජනයාගේ ධනය අයථා ලෙස අවභාවිතාවේ යෙදවීම පිළිබඳව එම පත්කරන ලද බලධාරීන්ට වගකීමක් නැත්ද කියලා මම ඔබතුමාගෙන් දැන ගන්න කැමැතියි……
අගමැති – ආණ්ඩුවක් හැටියට පත්කරපු හැටියට විරුද්ධව තමයි………. (අනුර – මහ බැංකුවට අධිපති කෙනෙක් පත්කරා, රුසියාවට තානාපතිවරයෙක් පත් කරා, ඒවා ආණ්ඩුවේ පත්කිරීම් නේ* ඔව් ආණ්ඩුවේ පත්කිරීම්……(අනුර – එතකොට අපි අහන්නේ රජයක් හැටියට…..) රජයක් හැටියට වැරැද්දක් තිබුණු නිසා තමයි අපි නීතිය අනුව ක්‍රියා කරේ.
අනුර කුමාර – මම නැවත අහන්නේ. මට මතකයි ඔබතුමා මේ පාර්ලිමේන්තුව්දී මම ප්‍රශ්නයක් ඇහුවට පස්සේ ඔබතුමා පිළිතුරක් ලබාදුන්නා ඔහු විවාහ උත්සවයක් සඳහා සහභාගි වුණේ, ඉතා ඉක්මනින්ම ඔහු මෙහෙට ළඟා වන බව පහදලා දුන්නා. ඒ නිසා මට දැනුණා ඔහුගේ විවාහ උත්සවවලට යන ගමන් පවා ඔබතුමා දන්නවා නම්, එහෙම කියවීමෙන් පෙන්නුම් කරනවා ඔබතුමා සමඟ සමීප සබඳතාවයක් තිබුණු බව. ඒ නිසා ඔබතුමා රටේ අග්‍රාමාත්‍යවරයා. ඔබතුමාගේ නිර්දේශ මත තමයි මහ බැංකු අධිපතිවරයා පත් කරන්නේ. ඔබතුමාට මූලික වගකීමක් තිබෙනවා ඔහුව මෙහෙට කැඳවලා දෙන්න. මොකද ඔබතුමාගේ මිත්‍රයෙක්. එක….දෙක….උදයංග වීරතුංග කියන්නේ කවුද ? ඒ කියන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ඥතී සොහොයුරා. ජාලිය වික්‍රමසූරිය කියන්නේ කවුද ? එයත් හිටපු ජනාධිපතිවරයාගේ ඥතීවරයෙක්. වර්තමාන අග්‍රාමාත්‍යවරයාත්, හිටපු ජනාධිපතිවරයාත් මේ රටේ වගකිව යුතු පුරවැසියන් නම් මම කියන්නේ ඒ දෙදෙනා මූලිකව වගකියන්න ඕන මේ දෙදෙනා ලංකාවට ගෙනත් දෙන්න. ඒ නිසා ඔබතුමාගේ පාර්ශවයෙන් මිතුරා ගෙනත් දීම සඳහා ගන්න ක්‍රියාමාර්ග කවරේද කියලා දැනගන්න කැමතියි.
අගමැති – අර්ජුන මහේන්ද්‍රන් මැතිතුමා මං යටතේ වැඩ කරන අවස්ථාවේදී එතුමා රට යනකොට මට දැනුම් දුන්නා. කිව්වා මම යන්නේ විවාහ ගෙදට්ට. ඊට පස්සේ එනවා කියලා. අපෙන් ඉවත් වුණාට පස්සේ ඒ වගකීම නෑ. මම දන්නවා එකක් එතුමා විටින් විට මේ……මීට ඉස්සෙල්ලත් ඔය නිවසවල් මාරු කර කර හිටියේ හොඳ එකක් හම්බුවුණාම. ඒක සිංගප්පූරුවේ සිරිතක්, මම දන්නේ නෑ ඉතිං ඒත් ඒ එක්කෙනෙක් ගැනවත්……මම උදයංග වීරතුංග කොහොමත් මට දැනුමක් නෑ. ජාලියව නම් මං හම්බු වෙලා තියෙනවා. ඒත් ඊට පස්සේ මං සම්බන්ධකම් තියාගෙන නෑ. ඕක සම්බන්දේ තිබුණා නම් ඊට පස්සේ කියනවා මමයි උදව් කරන්නේ කියලා.