Gossips

ඒකාබද්ධ විපක්ෂයට සැකයක්

ඒකාබද්ධ විපක්ෂය තුළ බෙදීමක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක ප්‍රකාශ කළා.
ඒ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඇතමුන් ඒකාබද්ධ විපක්ෂය තුළ බෙදීමක් ඇති බවට නගන චෝදනා පදනම් විරහිත බවයි ඔහු ප්‍රකාශ කළේ.
ආණ්ඩුවෙන් ඉවත්වූ දහසය දෙනාගේ කණ්ඩායම දෙපැත්තට කකුල් දමමින් සිටින බවත් ඔහු සම්බන්ධයෙන් පැහැදිළි ස්ථාවරත්වයක් නොමැති බව එහිදී සඳහන් කළා.
මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන ඊයේ පත්කළ නියෝජ්‍ය කථානායක ධුරය සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ යහපාලන ආණ්ඩුවක් මේ වනවිට නොමැති බවයි.
ඒ අනුව ඔවුන් ඉල්ලා අස්විය යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියා.