Gossips

ජනපති, අගමැති විශ්වාසයෙන් – ඇමති දුමින්ද

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර අවිශ්වාසයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අද පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර ජාතික ආණ්ඩුවේ රැදී සිටීම සම්බන්ධයෙන් තීරණය කිරීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුතු බව එහි නව මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ප්‍රකාශ කළා.
ඒ, අද අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුවයි.
අනතුරුව නව මහ ලේකම්වරයා මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන්ද බැහැදැක පක්ෂයේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡාවක නිරතවුණා.