Gossips

වැලිඔය පොලීසියේදී අපයෝජනයට ලක්වු 15 හැවිරිදි දරුවා ළමා නිවාසයෙන් පැන යයි

අධිකරණය ලබාදුන් නියෝගයක් මත පරිවාස භාරයේ රඳවා සිටි වැලිඔය පොලිස් ස්ථානය තුළදී අපයෝජනයට ලක්වූ බව කියන 15 හැවිරිදි දරුවා රඳවා සිටි ළමා නිවාසයෙන් පැන ගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ දරුවා රඳවා සිටි අනුරාධපුර – අශෝක ළමා නිවාසයෙන් ඊට අදාළව පැමිණිල්ලක්ද ලැබී ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් සියලූම පොලිස් ස්ථානවලට දැනුම්දී ඇති බව අනුරාධපුර පොලීසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
මේ අතර දරුවා අපයෝජනයට ලක් කිරීමට අදාළව නඩුව අද කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අතර, එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ සිටින පොලිස් කොස්තාපල්වරයා මේ මස 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි.