ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සදහා නව බස්රථ 500ක් මිලදි ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.
මගී සේවා සදහා ශ්‍රී ලංගම බස් රථ 7,257ක් අවශ්‍ය වුවද ධාවනය සදහා යොදවා ඇත්තේ බස් රථ 6000ක් පමණයි.
ඉන් බස් රථ 1560ක් වසර 15 කට වඩා පැරණි ඒවා වන අතර ඒවායෙහි නිරන්තර කාර්මික දෝශ ඇතිවීම හේතුවෙන් මගී අවශ්‍යතා නිසි ලෙස සැලසීමට ගමනාගමන මණ්ඩලයට හැකියාවක් නැහැ.
එමෙන්ම බස් රථවල නියමිත ආයු කාලය ඉක්මවීම සහ අනතුරුවලට ලක්වීම හේතුවෙන් වාර්ෂිකව බස් රථ 500 ක් පමණ ධාවනයෙන් ඉවත් කළ යුතු වනවා.
මෙම කරුණු සැලකිල්ලට ගනිමින් නාගරික සහ ග්‍රාමීය මගී සේවා වෙනුවෙන් යෙදවීමටයි නව බස් රථ 500 මිලදී ගැනීමට සැලසුම් කර ඇත්තේ.
ආසන 50 සහ 54 ක් ඇති බස් රථ 400 ක් නාගරික මාර්ගවල මගී සේවාවන් වෙනුවෙන් යෙදවෙන අතර ආසන 32 සහ 35 ක් ඇති නව බස් රථ 100 ක් ග්‍රාමීය මාර්ගවල සේවාවේ යෙදවීමට නියමිතයි.