Gossips

සෞඛ්‍ය අනිවාර්ය විෂයක් වෙයි

අධ්‍යාපන පොදු සහතික පත්‍ර, සාමාන්‍ය පෙළ විභාගය සඳහා සෞඛ්‍ය, අනිවාර්ය විෂයක් ලෙස හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඊයේ (05) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ ඊට අනුමැතිය ලබාදුන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියා සිටියේ.