Gossips

ශ්‍රී.ල.නි.ප නව මහලේකම් අස්ගිරි – මල්වතු මහානාහිමිවරුන් හමුවට

ජාතික ආණ්ඩුවේ රැඳී සිටීම සම්බන්ධයෙන් තීරණය කිරීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුතු බව එහි නව මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.
ඔහු අද (06) උදෑසන අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් සහ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදුටු අතර, අනතුරුව දළඳා වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තා.
මේ අතර, ඊයේ පස්වරුවේ නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පෑලියගොඩ විද්‍යාලංකාර ධර්ම විද්‍යායතනයේ විදුහල්පති මහාචාර්ය පූජ්‍ය කඹුරුගමුවේ වජිර හිමියන් සහ විද්‍යාලංකාර පරිවේණාධිපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමිවරුන් බැහැ දැක තිබෙනවා.