Gossips

පමුණුගම දී සැමියා බිරිඳ ඝාතනය කර, සිය දිවි හානි කර ගනී

ජාඇල – පමුණුගම ප්‍රදේශයේදී සැමියා සිය බිරිඳට තියුණු ආයුධයකින් පහර දී තමාද සිය දිවි හානි කරගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙම සිද්ධිය සිදුව ඇති අතර, පවුල් ආරවුලක් දුරදිග යාම ඊට හේතුව බවයි පොලීසිය කියා සිටියේ.
මියගිය සැමියාගේ වයස අවුරුදු 47ක් වන අතර, බිරිඳගේ වයස අවුරුදු 46ක්.
දේහයන් සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.
පමුණුගම පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.