Gossips

අධික වේගය නාවලපිටියේදී තරුණයෙකුට දිවි අහිමි කරයි

නාවලපිටිය ප්‍රදේශයේදී අද (06) උදෑසන යතුරුපැදියක් බස් රථයක ගැටීමේන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.
අධික වේගයෙන් ධාවනය වි ඇති යතුරු පැදිය ගම්පොළ සිට නාවලපිටිය දක්වා ධාවනය වු ලොරි රථයක් ඉස්සර කිරීමට යැමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු පෞද්ගලික බස් රථයක ගැටි මේ අනතුර සිදු වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.
අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.
නාවලපිටිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.