Gossips

තැපෑලේ වර්ජනයෙන් ලිපි ලක්ෂයක් සිරවේ

බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ගැටළු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය 03 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ පැය 48ක වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.
මෙම වර්ජනය හේතුවෙන් රට පුරා සියළු තැපැල් කටයුතු සම්පූර්ණයෙන්ම නතර වී තිබූ අතර, ලිපි සහ පාර්සල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් තැපෑලේ සිර වී ඇති බවයි තැපැල් වෘත්තිය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ.
මේ අතර, වැටුප් ඇතුලු ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන බවට බලධාරීන්ගෙන් ලද පොරොන්දු කඩවීම නිසා ලබන 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අඛන්ඩ වර්ජනයක නිරතවන බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තිය සමිති කමිටුව පවසනවා.
එහි ලේකම් කමල් පීරිස් කියා සිටියේ ඊයේ පැවති විධායක සභා රැස්වීමේදී මෙම තීරණයට එළඹි බවයි.