Gossips

කැබිනට් රැස්වීමේදී හකීම්, රිෂාඩ් උණුසුම් වචන හුවමාරුවක

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අතර කැබිනට් රැස්වීමේදී ඊයේ (05) උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.
උතුරේ නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වූ මත ගැටුමක් උණුසුම් වචන හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇති බවයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සදහන් කළේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ (05) පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමේදී අමාත්‍යවරුන් දෙදෙනා එකිනෙකා විවේචනය කරගෙන ඇති බව ද වාර්තා වනවා.
උතුරේ නැවත පදිංචිකිරීම් සදහා පත් කර ඇති ඇමති කමිටුවට තමා ද ඇතුළත් කර ගන්නැයි රාවුෆ් හකීම් අමාත්‍යවරයා ඉල්ලා ඇති අතර රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ඊට විරෝධය පළ කර තිබෙනවා.
හකීම් අමාත්‍යවරයා එම කමිටුවට ඇතුළත් කර ගන්නේ නම්, තමා ඉන් ඉවත් වන බව රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, මෙම උණුසුම් වචන හුවමාරුව අතරතුර ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම ගැටළුව සම්බන්ධයෙන් සියලු පක්ෂවල සිටින මුස්ලිම් නායකයින් කැඳවා සාකච්ඡා කරන බවයි.