Gossips

දකුණු පළාත තුළ පැතිර යන වෛරස් උණ රෝගය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

දකුණු පළාත තුළ පැතිර යන වෛරස් උණ රෝගය වැළඳීමෙන් මියගොස් ඇත්තේ දරුවන් 14 දෙනෙකු සහ වැඩිහිටියෙකු පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, දකුණු පළාත තුළ පැතිර යන වෛරස් උණ රෝගය සහ ඒ ආශ්‍රිත විවිධ සංකූලතා හේතුවෙන් මේවනවිට මරණ 20 ක් වාර්තාවී ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළා.
දකුණු පළාත තුළ පැතිර යන වෛරස් උණ රෝගය සහ ඒ ආශ්‍රිත විවිධ සංකූලතා හේතුවෙන් මේ වන විට මරණ 20 ක් වාර්තා වී ඇති අතර, ඒ අතරින් ළමා මරණ 14 ක් වාර්තා වන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේමෙම ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය හේතුවෙන් රෝගීන් 350 කට අධික ප්‍රමාණයක් මේවන විට දකුණු පළාතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවයි.
මේ අතර, මෙම වෛරසය වැළඳුනු රෝගීන්ට එන්නත් ලබාදිය යුතුද යන්න සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විශේෂඥ කමිටුවක් මේවන විට පත්කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ වෛද්‍යවරුන් පිරිසක් ඊයේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළවුණා.