Gossips

ශ්‍රි ලංකා ක්‍රිකට් බලධාරීන් සහ ICC සභාපති සාකච්ඡාවක් හෙට

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය ලත් නිලධාරී, අමාත්‍යාංශ ලේකම් කමල් පත්මසිරි සහ එහි ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා හෙට (06) අයි.සී.සී. සභාපතිවරයා හමුවීමට නියමිතව තිබෙනවා.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල මූලස්ථානයේදී එම හමුව පැවැත්වෙනු ඇති.
මේ අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරිය ලෙස රසාංජලී ද අල්විස් පත්කළ බවද ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.