Gossips

වකුගඩු රෝග නිවාරණ පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ

කැළණිය විශ්වවිද්‍යාලය තුළ පිහිටුවීමට නියමිත නිධන්ගත වකුගඩු රෝගය පිළිබඳ තොරතුරු හා පර්යේෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ අවබෝධතා ගිවිසුමට අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ අත්සන් තැබුණා.
ඊට වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්‍ෂ අසේල ඉද්දවල සහ කැළණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඩී .එම්. සමරසිංහ අත්සන් තැබූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.