Gossips

බැඳුම්කර වාර්තාවේ ඉතිරි ලේඛන ලැබුණු විගස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කථානායක කියයි

බැඳුම්කර වාර්තාවේ ඉතිරි ලේඛන ද තමන් වෙත ලැබුණු විගස ඒ සම්බන්ධයෙන් සියලූ තොරතුරු පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බව කථානායක කරු ජයසූරිය ප්‍රකාශ කළා.
අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී කථානායකවරයා කියා සිටියේ බැඳුම්කර වාර්තාවේ සී – 350 සිට සී 360 දක්වා වන ලේඛන කොටස් තමා වෙත ලැබී ඇති බවයි.
මේ අතර, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී බව ද පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක ප්‍රකාශ කළා.