Gossips

ජනපති හදිසියේම නිදහස් පක්ෂ මූලස්ථානය වෙත

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද උදෑසන හදිසියේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානය වෙත පැමිණියා.
පසුගියදා සිදු කළ තනතුරු වෙනසින් පසු ජනාධිපතිවරයා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණි පළමු අවස්ථාව මෙයයි.
මෙහිදී ජනාධිපතිවරයා නිදහස් පක්ෂයේ නව මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු නව නිලධාරි මණ්ඩලය හමුවී සාකච්ජාවක නිරත වූ බවයි නිදහස් පක්ෂ මූලස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මෙම අවස්ථාවට නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, නිදහස් පක්ෂ උප ලේකම්වරුන් වන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, බස්නාහිර පලාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මෙන්ම නිදහස් පක්ෂ 16 කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ සුමේධා ජී. ජයසේන එක්ව සිටියා.
මේ අතර, නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අනිද්දා රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී රැස්වීමට නියමිතව තිබෙනවා.
නව නිලධාරි මඩුල්ල පත්කර ගැනීමෙන් පසු ඉදිරියේදී සිදු කිරීමට නියමිත පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව සාකච්ජා කිරීම මෙහිදී සිදු වනු ඇති.