Gossips

ගෝතමාලාවේ ගිනි කඳු පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 62 දක්වා ඉහළට

මධ්‍යම ඇමරිකාවේ ගෝතමාලා රාජ්‍යයේ ෆුයේගෝ ගිනි කන්ද පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අඩි 12,346ක් උසැති ගිනි කන්ද පසුගිය ඉරිදා හදිසියේම විදාරණය වූ අතර, එහිදී ලාවා ගලා ඒමෙන් ඒ අවට ගම්මාන රැසක් යට වූ බව සඳහන්.
පාවහන් දවන තරම් උණුසුම් ගිනි කඳු ධූලි සහ ලාවා හේතුවෙන් 3200කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ගැනුණා.
මධ්‍යම ඇමරිකාවේ වඩාත් සක්‍රීය ගිනි කන්දක් වන ෆුයේගෝ ඉරිදා අඛණ්ඩව පැය 16ක් පමණ විදාරණයට ලක්වූ අතර එය මෙම සියවසේ ප්‍රචණ්ඩතම පිපිරීමක් ලෙසයි සැලකෙන්නේ.