Gossips

රිය අනතුරකින් සිල් මාතාවක් අපවත් වෙයි

ඇඹිලිපිටිය නගරයේදී සිදුවූ රිය අනතුරකින් සිල් මාතාවක් අපවත් වී තිබෙනවා.
පෞද්ගලික බස් රථයක් නැවතුම්පොළට ඇතුළු කිරීමට යාමේදී අදාළ සිල් මාතාව, ඊයේ අනතුරට ලක්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුරෙන් අපවත් වී ඇත්තේ ගල්වංගුව ප්‍රදේශයේ විහාරස්ථානයක 65 හැවිරිදි සිල් මාතාවක්.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර, වව්නියාව – ඉරට්ටපෙරියකුලම් ප්‍රදේශයේදී ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද අලුයම සිදුවූ රිය අනතුරකින් විශේෂ කාර්ය බලකායට අයත් සෙබලූන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.