මුලතිව්,මුල්ලියාවේලි,මදවාලසිංහන් වැවේ ගිලී ජීවිතක්ෂයට පත්වු පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ(04) දහවල් සොයාගත් බව මුලතිව් මුල්ලියාවේලි පොලිසිය පවසනවා.
මුල්ලියාවේලි පොලිසිය පැවසූවේ මුල්ලියාවේලි 01 වන කොටසේ පදිංචි ඉන්ද්‍රන් තගීසන් නමැති 21 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් එලෙස සොයාගත් බවයි.
අදාළ තරුණයා මිතුරන් කණ්ඩායමක් සමඟ 03 වැනිදා සවස වැවේ දිය නෑමට ගොස් ඇති අතර, එහිදි දියේ ගිලී ඇති බවට අදාළ තරුණයාගේ මිතුරන් පොලිසිය වෙත පවසා තිබෙනවා.
දියේ ගිලුණ තරුණයා සොයා 03 වැනිදා සවස හා රාත්‍රියේ මෙහෙයුම් සිදුකළ ද අදාළ තරුණයා සොයා ගැනීමට නොහැකි වි ඇති අතර, ඊයේ(04) දහවල් මළ සිරුර වැවේ පාවෙමින් තිබියදී සොයාගත් බවද පොලිසිය සදහන් කළා.
අදාළ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ මුලතිව් රෝහලේදී පැවැත්වීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලියාවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.