Gossips

ප්ලාස්ටික් සහ පොලිතින් තහනම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

ප්ලාස්ටික් සහ පොලිතින් තහනම ක්‍රියාත්මක කළේ එය රටේ හෙට දවස වෙනුවෙන් අද දවසේ ගත යුතු වැදගත්ම තීරණයක් නිසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජගත් පරිසර දින සැමරුම් උත්සවයට අද කෑගල්ලේ දී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ දිනකට සීමා නොවූ වසර පුරා ක්‍රියාත්මක වන අඛණ්ඩ වැඩපිළිවෙලක් සමඟ පරිසරය සුරකීම සඳහා එක්විය යුතු බවයි.