Gossips

Update – රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳට සහ දියණියට ඇප

අධිකරණයට භාරවූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳ සහ දියණිය ඇප මත මුදාහැර තිබෙනවා.
ඔවුන් අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට භාරවූ අතර, එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කළේ සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි.
කාන්තාවකට පහරදීමට තැත් කිරීම සහ රුපියල් 25,000 ක මුදලක් පැහැරගැනීමට තැත් කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව විභාගවන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසයි පසුගිය 1 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
Update :- Monday, June 4, 2018 12.40 pm
————————————————————–
කාන්තාවකට පහරදීමට තැත් කිරීම සහ රුපියල් 25,000 ක මුදලක් පැහැරගැනීමට තැත් කළ බවට චෝදනා එල්ලවූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳ සහ දියණිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (04) පෙරවරුවේ භාරවුණා.