Gossips

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වාහනවල බැටරි ගැලවූ පුද්ගලයෙකු අත්අඩංගුවට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වාහන නැවතුම්පලේ නවතා තිබෙන වාහනවල බැටරි ගලවාගෙන යන සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයෙකු දඹුල්ල පොලීසිය මගින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු මාස ගණනාවක සිට ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ සහ ඇතුළත වාහන නැවතුම්පොළේ නවතා තැබෙන ත්‍රිරෝද රථ, කුඩා ලොරි රථවල මෙලෙස බැටරි ගැලවීමේ ජාවාරමේ නිරත වී ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.
සැකකරු දඹුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු අද දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.