Gossips

ක්‍රිකට් පිටියේ පෙරළිකාර දඟයාගේ ලෝක වාර්තාව

තියුණු මුහුණුවරක් ගත් ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය අතර ඊයේ (03) පැවති පළමු පන්දුවාර 20 තරඟයේදී ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.
ඒ ජාත්‍යන්තර පන්දුවාර 20 තරඟ ඉතිහාසය තුලදී අඩුම කාලයක් තුළ කඩුලු 50ක් බිඳ හෙලූ පළමු පන්දු යවන්නා බවට පත්වෙමින්.
ඊයේ පැවති තරඟයේදී බංග්ලාදේශ කණ්ඩායමේ මුෂ්ෆිකර් රහීම්ගේ කඩුල්ල දවාගනිමින් රෂීඩ් ඛාන් මෙම ලෝක වාර්තාව පිටවවනු ලැබුවා.
19 හැවිරිදි වියේ පසුවන මෙම ක්‍රීඩකයා මෙම වාර්තාව පිහිටුවීමට වැයකර ඇත්තේ වසර දෙකයි මාස 07ක් පමණ කාලයක්.
ඉන්දියාවේ රජිව් ගාන්ධි ක්‍රීඩාංගනයේදී ඊයේ පැවති තරඟයේදී පන්දුවාර 03ක් යවමින් ලකුණු 13කට බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 03ක්.
එම කඩුලු 03ත් සමඟ රෂීඩ් ඛාන් මේ වන විට ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ දවාගෙන ඇති සමස්ත කඩුලු ගණන 52ක්.
මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම් අනුව ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස පන්දු යවන්නන් අන්තර පෙරමුණේ පසුවන්නේ ද රෂීඩ් ඛාන් වීම විශේෂතත්වයක්.
ලෝක වාර්තාවක් බවට පත්වූ මුෂ්ෆිකර් රහීම්ගේ කඩුල්ල සහ ඊයේ තරඟයේදී රෂීඩ් ඛාන්ගේ කඩුලු දවාගැනීම පහතින්.
rnrnrnrnrnrnrnrn