Gossips

ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා අක්‍රමිකතා සොයන ජනපති කොමිසමේ සාක්ෂි විමසීම ඇරඹේ

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස්, මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීම අද ආරම්භ වුණා.
ඒ අනුව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් සහ එහි තවත් නිලධාරියෙකුගෙන් අද දිනයේ ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි කොමිසමේ ලේකම් ආරියදාස කුරේ සඳහන් කළේ.
2006 ජනවාරි මස 1 වනදා සිට 2018 ජනවාරි මස 31 වනදා දක්වා කාලය තුළ අදාළ සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා සොයාබැලීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙම කොමිසම පත් කරනු ලැබුවේ පසුගිය පෙබරවාරි මස 2 වනදායි.