Gossips

තලවකැලේ – ලිදුල නගර සභාවේ සභාපති ඇතුලු 4 ක් අත්අඩංගුවට

අවුරුදු 5 ක දැරියක් පැහැරගෙන ගොස් මුදලට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තලවකැලේ – ලිදුල නගර සභාවේ සභාපතිවරයා සහ නාගරික මන්ත්‍රිවරයෙකු ඇතුලූ හතරදෙනෙකු නුවරඑළිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය පළාත්පාලන මැතිවරණයේදී ඔරලෝසුව ලකුණ යටතේ ස්වාධීන කණ්ඩායමකින් තරඟ කර තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති ධුරයට පත්වූ අනගිපුර අශෝක සේපාල සහ නාගරික මන්ත්‍රී ඉෂාර අනුරුද්ධ මංචනායක ඇතුලූ හතරදෙනෙකු බවයි.
2017 වසරේ ආගරපතන – පෝර්ට්මෝර් වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පහක දැරියක පැහැරගෙන ගොස් මුදලට විකිණීම සම්බන්ධයෙන් ඊයේ නුවරඑළිය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.
සැකකරුවන් අද නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.