Gossips

ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් 48ක් තංගල්ල සහ හම්බන්තොට රෝහල්වල

දකුණු පළාත තුළ පැතිර යමින් පවතින ඉන්ෆ්ලූවෙන්සා වෛරසය වැළදුණු බවට සැක කෙරෙන රෝගීන් 48 දෙනෙකු තංගල්ල සහ හම්බන්තොට රෝහල්වල දැනටමත් ප්‍රතිකාර ලබමින් සිටින බව පළාත් සෞඛ්‍ය වෛද්‍යවරුන් පවසනවා.
හම්බන්තොට රෝහල තුළ රෝගීන් 38 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර ඉන් 26 දෙනෙකුම කුඩා දරුවන්වීම විශේෂත්වයක්.
කෙසේ වෙතත්, හැකි උපරිම අන්දමින් මෙම රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන බවයි රෝහල් බලධාරීන් සඳහන් කළේ.
දැනට දකුණු පළාතේ පැතිර යන උණ රෝගී තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ ඇතැම් රෝග මෙරටින් තුරන් කිරීම සඳහා ජාත්‍යන්තර සංවිධානයක් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බවයි.
ඉදිරියේදී මැලේරියා රෝගය මෙරටින් තුරන් කළ ආකාරයෙන් අනෙකුත් රෝග තත්ත්වයන් තුරන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු කියා සිටියා.