Gossips

ඇෆ්ගනිස්ථාන හමුවේ බංග්ලාදේශට කලකට අමතක නොවන පරාජයක්

බංග්ලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර ඊයේ (03) පැවති පළමු පන්දුවාර විස්ස තරඟයෙන් පෙරළිකාර ජයක් ලබන්නට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 පිටියේ අංක එකේ පන්දු යවන්නා වන දඟ පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ අසරණ වූ බංග්ලාදේශ කණ්ඩායම මෙම තරඟය පරාජය වුනේ ලකුණු 45 කින්.
කාසිය වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවාර පහරදුන් ඇෆ්ගන් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුලදී කඩුලු 08ක් දැවී රැස්කළ
ලකුණු සංඛ්‍යාව 167ක්.
ලකුණු 168ක ඉලක්කය හඹා ගිය බංග්ලාදේශ පිතිකරුවන් සියල්ල පන්දුවාර 19ක් තුලදී නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නට දඟ පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන් ප්‍රමුඛ ඇෆ්ගන් පන්දු යවන්නන් සමත් වුණා.
බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ලින්ටන් ඩාස් පන්දු 20කදී ලකුණු 30ක් රැස්කළ අතර බංග්ලාදේශ පිතිකරුවන් 06 දෙනෙකුට ලකුණු 10 සීමාව පසුකර යෑමට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.
එහිදී සුපිරි පන්දු යැවීමක නිරතවූ දඟ පන්දු යවන ක්‍රීඩක රෂිඩ් ඛාන් පන්දුවාර 03ක් යවා ලකුණු 13කට බිඳ හෙලූ කඩුලු ගණන 03ක්.
ඊයේ තරඟයේ වීරයා බවට පත්වීමට රෂිඩ් ඛාන් සමත් වූ අතර තරඟ 03කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය තරඟ එකට බින්දුවක් ලෙස ඇෆ්ගනිස්ථානය පෙරමුණේ පසුවනවා.
තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rnrnrnrn