Gossips

කේරළ ගංජා කිලෝ 14 ක් සමග තුන්දෙනෙකු අත්අඩංගුවට

කළුතර – උග්ගල්බොඩ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 14 ක් සමග සැකකරුවන් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පානදුර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය ඊයේ සිදුකළ වැටලීමකදී මොවුන් සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත බෝර 16 යේ ගිනි අවියක්ද සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුවන් අවුරුදු 27 ත්, 40 ත් අතර වයස්වල පසුවන උතුරු කළුතර සහ වාද්දුව ප්‍රදේශවල පදිංචිකරුවන්.