Gossips

බැඳුම්කර වාර්තාවේ සංවේදී තොරතුරු ඇතුළත්, පිටු 106ක් අතුරුදන් – දූෂණ විරෝධීන්ගෙන් චෝදනා

බැඳුම්කර වාර්තාවේ ඉතා සංවේදී තොරතුරු ඇතුළත් පිටු 106ක් මෑතකදී අතුරුදන් වී ඇති බවට දූෂණ විරෝධී හඬ සංවිධානය චෝදනා කරනවා.
එහි කැදවුම්කරු වසන්ත සමරසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන ඇලෝසියස්ගෙන් මුදල් ගත් බවට මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරද්දී, මුදල් නොගත් බවට ඊයේ (02) දින වන විට ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් ගණන 31ක්.
තවත් මැති ඇමතිවරුන් 06 දෙනෙකු තමන් මුදල් ලබා නොගත් බව අද (03)දිනයේ ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, තවත් 186 දෙනෙකු මුදල් ලබා ගත් බව හෝ නොගත් බව මෙතෙක් ඍජුව ප්‍රකාශ කර නැහැ.
අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් 118 දෙනා සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන සමාජය තුළ පවතින්නේ පුළුල් සංවාදයක්.
අදත් මාධ්‍ය හමු සහ උත්සව කිහිපයකදී ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වුණා.