Gossips

නැඟණිය ඉදිරිපිට දී සිරුරට ගිනි තියාගත් නවගත්තේගම 15 හැවිරිදි පාසල් සිසුවිය

සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ පාසල් සිසුවියක් ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇති බව නවගත්තේගම පොලීසිය පවසනවා.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ නවගත්තේගම, මුල්ලේගම පදිංචි වයස අවුරුදු 15ක පාසල් සිසුවියක් බවයි වාර්තා වන්නේ.
අද (03) දහවල් මෙම සිදුවීම සිදුව ඇති අතර අදාල පාසල් සිසුවිය නිවස තුලදී සිය නැඟණිය ඉදිරිපිට දී සිරුරට ගිනි තබාගෙන ඇති බවට මූලික විමර්ශණ වලදී අනාවරණය වී තිබෙනවා.
ගිනි තබා ගැනීම හේතුවෙන් තුවාල ලැබූ සිසුවිය නවගත්තේගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තත්වයේ පසුවූ ඇය පුත්තලම මූලික රෝහලට මාරුකර යවා ඇති බව සඳහන්.
සිසුවිය මෙලෙස සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.