Gossips

ලෝක වාර්තාවක් අපේක්ෂාවෙන් අද පිටියට එන සුපිරි දඟ පන්දුව

මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පිතිකරුවන්ගේ භීතිකාවක් බවට පත්ව ඇති පන්දු යවන්නා බවට පත්වීමට ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් සමත්ව සිටිනවා.
19 හැවිරිදි වියේ පසුවන රෂීඩ් ඛාන් මේ වනවිට ලෝක වාර්තාවක් අභියසට පැමිණ තිබීම විශේෂත්වයක්.
ඒ අඩුම කාලයක් තුළ ජාත්‍යන්තර පන්දුවාර විස්ස ක්‍රිකට් පිටියේ කඩුලු 50ක් බිඳ හෙලූ පන්දු යවන්නා බවට පත්වෙමින්.
ඒ සඳහා රෂීඩ් ඛාන්ට දවාගැනීමට අවශ්‍ය වන්නේ තවත් එක් කඩුල්ලක් පමණයි.
මේ වනවිට ඇෆ්ගනිස්ථානය නියෝජනය කරමින් ජාත්‍යන්තර පන්දුවාර 20 තරඟ 30කට ක්‍රීඩාකර ඇති ඔහු බිඳහෙලා ඇති කඩුලු සංඛ්‍යාව 49ක්.
මෙම කඩුලු 49 දවා ගැනීමට රෂීඩ් ඛාන් වැයකර ඇත්තේ වසර දෙකයි දින 220ක කාලයක්.
මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම් අනුව ජාත්‍යන්තර පන්දුවාර විස්සයි විස්ස පන්දු යවන්නන් අන්තර පෙරමුණේ පසුවන්නේ ද රෂීඩ් ඛාන් වීම විශේෂතත්වයක්.
නිමාවූ ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ දී වැඩිම කඩුලු ලාභීන් අතර දෙවන ස්ථානයට පැමිණීමට ද ඔහු සමත් වූ අතර මෙවර තරඟාවලියේ ඔහු බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 21ක්.
කෙසේ වෙතත් විචාරකයින් පවසන්නේ ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය අතර අද (03) පැවැත්වෙන පන්දුවාර 20 තරඟයේ දී ඔහු මෙම ලෝක වාර්තාව පිහිටවනු ඇති බවටයි.