Gossips

පැල්මඩුල්ලේ සිදුවූ රිය අනතුරකින් විශ්වවිද්‍යාල සිසුවෙකුගේ අත ශරීරයෙන් වෙන්වෙයි

රත්නපුර – පැල්මඩුල්ල ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල සිසුවෙකු, බස් රථයකින් අත ඉවතට දමාගෙන ගමන් කරමින් සිටියදී ටිපර් රථයක වැදීමෙන්, අත ශරීරයෙන් වෙන්වී ගැලවී ගොස් තිබෙනවා.
පසුව බස් රථයේ සිටි මගීන් ශරීරයෙන් වෙන් වුණු අත අයිස් පිරවූ බෑගයක දමා සිසුවා ද සමඟ රත්නපුර රෝහලට රැගෙන විත් ඇති බව සඳහන්.
එහිදී මූලික පරීක්ෂා කිරීම්වලින් අනතුරුව වෙන් වුණු අත සමඟ විශ්වවිද්‍යාල සිසුවා කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමට පියවර ගෙන තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙක්.