Gossips

බේරුවල රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට

බේරුවලදී ටිපර් රථයක, යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගොස් තිබෙනවා.
අද පෙරවරු 8ට පමණ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ බේරුවල සපුගොඩ විහාරස්ථානය අසළ මං සන්ධියේදී අනතුර සිදුව ඇති බව සඳහන්.
බරපතල තුවාල ලැබූ කොස්තාපල්වරයා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස මිය ගියේ කළුතර – උතුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන 29 හැවිරිදි බෙන්තර ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙක්