Gossips

කියුබාවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇරඹේ

ජනාධිපතිවරයාගේ ධුර කාලය සීමා කිරීම, සමලිංගික විවාහ නීතිගත කිරීම ඇතුලූ ව්‍යවස්ථා සංශෝධන කියුබානු ජාතික සභාව වෙත දැන් ඉදිරිපත් කර තිබෙනවා.
ජනාධිපති මිගෙල් ඩියස් කැනල් ප්‍රකාශ කළේ කියුබාවේ ආර්ථික සහ සාමාජීය විවෘත භාවය පෙරදැරි කරගත් මෙම සංශෝධන හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝගේ මූලිකත්වයෙන් ඉදිරිපත් කරන බවයි.
1959 කියුබාවනු විප්ලවයේ සිට 2018 දක්වා වසර 59 ක් කියුබාව පාලනය කළේ ෆිදෙල් කස්ත්‍රෝ සහ ඔහුගේ සොහොයුරු රාවුල් කස්ත්‍රෝ විසින්.
කෙසේ නමුත් මෙම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ තුළින් සිය රට තුළ ධනවාදය ස්ථාපිත කිරීමට කිසිදු ඉඩක් නොලැබෙන බව ජනාධිපති මිගෙල් ඩියස් අවධාරණය කළා.