Gossips

කුවේට් හි සිටින බිරිඳ ගෙන්වා දෙන ලෙස සැමියා ඉල්ලයි

විදෙස් රැකියාවක් සදහා පසුගිය අප්‍රේල් මස 23 වනදා කුවේට් බලා පිටත්ව ගිය තම බිරිද යළි ගෙන්වා දෙන ලෙස හලාවත – ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි ඇගේ සැමියා බලධාරින්ගෙන් ඉල්ලීමක් කරනවා.
තම බිරිද කුරුණෑගල පිහිටි පෞද්ගලික විදේශ රැකියා ආයතනයකින් කුවේට් රාජ්‍යයේ රැකියාව සදහා පිටත්ව ගිය ද මෙතෙක් ඇය පිළිබද කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි ඔහු කියා සිටියේ.
කේ.ඒ සුනේත්‍රා කුමාරි වන 32 හැවිරිදි එක් දරු මවක් වන ඇය ඇතුළු තවත් කාන්තාවක් කිහිපදෙනෙකු කුවේට් රාජ්‍යයේ පිහිටි ඒජන්සියක සිරකරගෙන සිටින බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.